හිරු නැගීම – 05 : 57
හිරු මුදුන් වීම – 12 : 07
හිරු බැසීම – 18 : 17
අද අප්‍රේල් මාසේ 25 වෙනිදා, බ්‍රහස්පතින්දා. දැන් දැන් හෙමින් හෙමින් මේ මාසේ අන්තිමත් වෙන්න ඇවිත් නේද.. තව දවස් පහකින් මේ මාසේ ඉවරයි.
කාලය හරි ඉක්මනින් යනවා කියන්න බැහැ. මොකද කාලය කියන දේ සාපේක්ෂයි කියලා ඇල්බට් අයින්ස්ටයින් මහත්තයා කියලා තියෙනවා නේ. ලස්සන කෙල්ලෙක් ළඟ ඉඳ ගෙන ඉන්න පැය විනාඩි 5ක් වගේ, ඒ වුණාට ගිනි උදුනක් ළඟ ඉඳ ගෙන ඉන්න විනාඩි 5 පැයක් වගේ.
ඔයාටත් කාලය හරිම වේගයෙන් යනවා කියලා තේරෙන්නේ ඔයා busy නිසා. ඔයාගේ වැඩ ගොඩ කරනකොට දවස ඉවර වෙන නිසා. සමහර වෙලාවට මැයි මාසේ එනකම් බලන් ඉන්න කෙනෙක්ට අප්‍රේල් මාසෙ හරිම හෙමින් යනවා කියලා දැනෙන්න පුළුවන්. ඒ තමයි සාපේක්ෂතාව.
ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් ට අද දවස දැනෙන්නේ බුදු අම්මෝ අප්‍රේල් 25ත් වෙලා කියලා. අනික් එක්කෙනාට දැනෙන්නේ අයියෝ තාම අප්‍රේල් 25 නේ කියලා.
ඉතින් ඔයාට කොහොමද දැනෙන්නේ?
අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද පෙන්ගුයින් සතුන් වෙනුවෙන් වෙන් කරලා තියෙන දවස.
ඇන්ටාක්ටිකාව, ආක්ටික් සාගර කලාපය වගේ සීතල ග්ලැසියර ප්‍රදේශ වල තමයි මෙයාලා ඉන්නේ.
පක්ෂීන් විදිහට සැලකුවත් මෙයාලට පියාඹන්න නම් බැහැ, හැබැයි පීනන්න නම් පුළුවන්. මෙයාලගේ විවිධ වර්ග ඉන්නවා. උදාහරණයක් විදියට emperor, adélie, chinstrap වගේ පෙන්ගුයින් විශේෂ ගන්න පුළුවන්.
මෙයාලා සුළු වශයෙන් එකිනෙකාට වෙනස්කම් දක්වනවා. ශරීර ප්‍රමාණයෙන්, වර්ණ වගේ දේවල් පැහැදිලිව හඳුනා ගන්නා පුළුවන් වෙනස්කම්
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා මෙයාලගේ වාසස්ථාන වලට දැඩි තර්ජනයක් එල්ල වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රදේශ වල කුරුලු උණ වෛරසය ව්‍යාප්ත වීම නිසා මෙයාලා විශාල ප්‍රමාණයක් ඒ නිසාත් මරණයට පත් වෙලා තියෙනවා.
අප්‍රේල් 25 කියන්නේ ලෝක මැලේරියා දවසත් වෙනවා. ලංකාව මැලේරියාව කියන රෝගය සම්පූර්ණයෙන් තුරන් කරලා තියෙන රටක් විදිහට සැලකෙනවා. කොහොම වුණත් රට ඉඳන් එන අය මේ මැලේරියා රෝගයේ ගොදුරු වෙලා එන්න පුළුවන්. විශේෂයෙන් අප්‍රිකාව වගේ රටවල මේ රෝගය බහුලව දකින්න පුළුවන්.
මේ මැලේරියාව බෝ වෙන්නත් මදුරුවෙක් හරහා.

අද දවස සතුටින් ගත කරන්න . ඔයාගේ අප්‍රේල් මාසේ ටාගට් ටික ආයෙමත් මතක් කර ගෙන ඒ වෙනුවෙන් මේ දවස් 5 හොඳට මහන්සි වෙන්න.
ජය වේවා ! තෙරුවන් සරණයි!

