යුක්තියෙන් ඇල්ලූ මත්ද්‍රව්‍යවලට වෙන දේ

යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය ඉදිරි මාසය තුළ විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

පොලිස්පතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා විශේෂ ස්ථානයක් පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව මේ වනවිටත් නිර්මාණය කර ඇති බවය.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයට එක්වෙමිනුයි පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ අපරාධකරුවන් හා සම්බන්ධතා ඇති පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී සඳහන් කළා.