ඉදිකිරීම් භාණ්ඩ සඳහා මිල සූත්‍රයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

ඉදිකිරීම් භාණ්ඩ විවිධ මිල ගණන් වලට විකිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි අමාත්‍යාශය සඳහන් කරන්නේ.

ඉදිකිරීම් භාණ්ඩවල අධික මිල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට අනුවකින් පමණ කඩා වැටී තිබෙනවා.

එසේම ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුක්තව සිටි 2,0000කට වැඩි පිරිසක් විදේශගතව සිටිති.