2024 – 04 – 20

හිරු නැගීම – 05 : 58

හිරු මුදුන් වීම – 12 : 08

හිරු බැසීම – 18 : 17

අද අප්‍රේල් 20 සෙනසුරාදා. අද ගොඩක් අයට ඔන්න ආයෙමත් නිවාඩු..

අද දවසේ තියෙන විශේෂත්වය තමයි චීන භාෂාව සඳහා වෙන් වුණු දවස. චීන කියන්නේ ටිකක් අමාරු සංකීර්ණ භාෂාවක්..මොකද එකේ පොඩ්ඩක් tone එක වෙනස් වුණත් සම්පූර්ණ වෙනස් තේරුමක් නේ එන්නේ.

Sino-Tibetian භාෂා පවුලට තමයි චීන භාෂාව අයිති වෙන්නේ. ඒක එක කාල වල දී වෙනස්කම් වලට ලක් වෙමින්, අලුත් දේවල් එකතු වෙමින් තමයි අද තියෙන චීන භාෂාව හැදිලා තියෙන්නේ. 1946 දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් චීන භාෂාව සම්මත භාෂාවක් විදිහට පිළි ගෙන තියෙනවා.

ඔන්න ඔයාට අද විවේකයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ නම චීන භාෂාවෙන් ලියලා බලන්න. Google translate එකට ගියාම හරිම ලේසියෙන් ඔයාගේ නම චීන අකුරෙන් ලියන්න පුළුවන්.

女媧新聞 මෙහෙම තමයි නිව්ස් බුවා කියලා සාම්ප්‍රදායික (Traditional) චීන භාෂාවෙන් ලියන්නේ. Google translate එකේ සාම්ප්‍රදායික චීන සහ සරල කළ (Simplified) චීන භාෂාව විදිහට දෙකක් තියෙනවා.

ඔයා අහලා ඇති රස කැවිල්ලක් තියෙනවා pretzel කියලා. ඉතින් අප්‍රේල් මාසේ කියන්නේ මේ වගේ soft pretzel වලට වෙන් වුණු මාසය.

ලංකාවේ නම් pretzel එච්චර ජනප්‍රිය කෑමක් නොවුණට වෙන රටවලට මේ pretzel හරිම ජනප්‍රියයි. මේවා ඉස්සෙල්ලාම හදලා තියෙන්නේ ඉතාලියේ.

වාසනාවේ සංකේතයක් විදිහට තමයි pretzel හඳුන්වන්නේ.

අද එහෙනම් නිවාඩු දවස සතුටින් පවුලේ අයත් එක්ක ගත කරන්න. සතියේ ඉතුරු වැඩ තියෙනවා නම් ඒවත් ඉවර කරලම අලුත් සතියට යන්න..

ජය වේවා! තෙරුවන් සරණයි!.