2024 – 04 – 19

හිරු නැගීම – 05 : 59

හිරු මුදුන් වීම – 12 : 08

හිරු බැසීම – 18 : 17

අද අප්‍රේල් 19 වෙනි දා සිකුරාදා, දීර්ඝ අවුරුදු නිවාඩුවක් ඉවර වෙලා අද සති අන්තය පටන් ගන්නවා. මේ සතියේත් සඳුදා නිවාඩුවක් වුණානම් තවත් දීර්ඝ නිවාඩුවක් ලැබෙනවා නේ.. හිකිස්…

එහෙම තමයි අපි හිතන පතන විදිහට හැමදේම වෙන්නේ නැහැ නේ.

අප්‍රේල් 19 කියන්නේ world jackal day එක. jackal කියන්නේ නරි, බල්ලන්, සහ වෘක්කයන් කියන ඔක්කොම සතුන්ට නෑකම් කියන විශේෂයක්. එයාලා අප්‍රිකාව, යුරෝපය, සහ ආසියාව පුරාම විසිරිලා ඉන්නවා. 2022 අවුරුද්දේ තමයි මෙහෙම දවසක් ආරම්භ වුණේ. මෙයාලගෙත් විවිධ ප්‍රභේද තියෙනවා. උදාහරණයක් විදිහට golden jackal , black-eyed jackal ආදී විදිහට.

golden jackal

ඒ වගේම අද දවස වෙන් කරලා තියෙන්නේ ඉගෙන ගත්ත දේවල් බෙදා ගන්න. අපි මොනවා හරි ඉගෙන ගත්තා නම් ඒ දේ තවත් කෙනෙක්ට කියලා දුන්නම අපිට ඒ දේ ගොඩක් හොඳට මතක තියෙනවා. ඒ වගේම අපිට හරියට තේරිලා නැති දේවල් පවා එතකොට අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔයා මොනවා හරි ඉගෙන ගත්තොත් ඒක තවත් කෙනෙක්ට කියලා දෙන්න අමතක කරන්න එපා. ඒකෙන් ඔයාටමයි හොඳක් වෙන්නේ.

අපි පොඩි කාලේ බලපු Sylvester and Tweety cartoon එකේ එන Sylvester පූසාගේ උපන්දිනයත් අද.

අද Garlic day එකත් වෙනවා. සුදුළුනු කියන්නේ ඉතාම පරිස්සමෙන් ගත්තොත් හරිම ගුණ දෙන ආහාරයක්. ඉතාම පරිස්සමෙන් ගත්තොත් කියන්නේ සුදුලුනු ගොඩක් ආහාරයට ගන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා තමයි පුරාන පොත්පත් වල සඳහන් වෙලා තියෙන්නේ.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. ඔයා කරන දේවල් හැමදේම හොදින් කර ගන්න හැකි වේවා කියලා ප්‍රර්ථනා කරනවා.

ජය වේවා ! තෙරුවන් සරණයි !