ලංකාවට යළිත් ඉන්දියාවේ ලොකු ලූනු

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් දස දහසක් දක්වා මෙරටට අපනයනය කිරීමට ඉන්දීය අපනයනකරුවන්ට අවස්ථාව හිමි වන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ.