අලුත් අවුරුද්දේ අදට යෙදී තිබෙන නැකත වන හිස තෙල් ගෑමේ නැකත අද පූර්ව භාග 10:17 ට යෙදෙන සුභ මොහොතින් උදා වුණා.
ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බවයි නැකැත් සිට්ටුවේ සඳහන් වෙන්නේ.

