2024 – 04 – 15

හිරු නැගීම – 06 : 00

හිරු මුදුන් වීම – 12 : 09

හිරු බැසීම – 18 : 17

අද අප්‍රේල් 15 වෙනිදා, සඳුදා. කට්ටියම දැන් නම් ඉන්නේ අලුත් අවුරුදු mood එකෙන් නේ. ඊයේ කිරිබත් එහෙම කාල දැන් අද තෙල් ගාන්න ලැස්ති වෙන්න ඔන්න . නෑදෑ ගෙවල් වල එහෙමත් මේ ටිකේ යනවා නේ.

අවුරුද්ද කියන්නේ අපි හැමෝම එකතු වෙන සතුටු වෙන උත්සවයක්. එකිනෙකාගේ ගෙවල් වල යන්නේ අපේ තියෙන සම්බන්ධතා අලුත් කර ගන්න වගේම අවුරුදු සතුට බෙදා ගන්න.

අප්‍රේල් 15 වෙනි දාට යෙදිලා තියෙන තවත් විශේෂ දවසක් තියෙනවා.

ඒ තමයි අද ලෝක කලා දිනය වීම. කලාව කියන්නේ නැතුවම බැරි දෙයක් නේ. අතීතයේ හිටපු මිනිස්සු නම් අදට සාපේක්ෂව වැඩියෙන් කලාවට මුල් තැනක් දීලා වැඩ කළා. එයාලා හැමදේම කලාත්මක විදිහට වැඩියෙන් කැටයම් දාල හැදුවා. ඒ කාලේ විදී ලාම්පු එහෙම හරිම ලස්සනට තියෙන්නේ ඒ නිසයි.

සිංහල අවුරුද්ද කියන්නෙත් කලාවට විශේෂ තැනක් දෙන උත්සවයක්. ඉස්සර සිංහලයෝ අවුරුද්දට ලස්සනට කලාත්මක වෙන්න අවුරුදු මේස හදලා, ඔන්චිලි කවි එහෙම හදලා අවුරුදු සමරලා තියෙනවා. අපේ අවුරුදු කෑම මේසයේ වුණත් පාට පාට කැවිලි, හරි ලස්සනට තියෙනවා.

කලාවට පුළුවන් අපිට විනෝදයක් ගෙන දෙන්න වගේම අපේ හිත සුවපත් කරන්න. මේ අවුරුදු කාලේ වුණත් කට්ටිය එකතු වුණාම සින්දුවක් දෙකක් කියලා සතුටු වෙන්නේ, එතනත් තියෙන්නේ ඔන්න කලාව තමයි.

හෙට ඉදන් හැමෝම වගේ ආයෙමත් වැඩට යන්නත් ඕනි නිසා අවුරුදු නිවාඩුවේ අන්තිම දවස සතුටින් ගත කරන්න. සරලව කියනවා නම් හොඳට අවුරුදු කන්න… හිකිස්..

එහෙනම් ජය වේවා! තෙරුවන් සරණයි !