විදේශ ප්‍රේෂණ වල 8.7%ක වැඩි වීමක්

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.7කින් වැඩිවී තිබෙනවා.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 1,536. 1 ක් ලැබී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

2023 වසරේ එම කාලය තුළ ලැබී තිබූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,432. 2 ක්.

මේ අතර ගතවූ වසරට සාපේක්ෂව සංචාරක පැමිණීම් සංඛ්‍යාවද සියයට 89.4 කින් වැඩිවී තිබෙනවා.

එමගින් ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,025. 9 ක් බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවල දැක්වෙන්නේ.