2024 – 04 – 12

හිරු නැගීම – 06 : 02

හිරු මුදුන් වීම – 12 : 09

හිරු බැසීම – 18 : 17

අද අප්‍රේල් මාසේ 12 වෙනිදා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලබන්න තව තියෙන්නේ එක දවසයි, ඔව්… හෙට අවුරුදු..!

ඉතින් කොහොමද මේ සැරේ අවුරුද්දට ඔයාලගේ සූදානම? අපි විශ්වාස කරනවා හැම කෙනෙක්ම මේ පාර අවුරුද්ද ගෙදර අය එක්ක සතුටින් සමරනවා ඇති කියලා…

අද අප්‍රේල් 12 වෙනිදා දවසේ තියෙන වැදගත්කම බැලුවොත් අද Day of Silence හෙවත් නිශ්ශබ්දතාවයේ දවස වෙනවා. ටිකක් වෙනස් දවසක් නේද.. නිශ්ශබ්දතාවය කියන්නේ අපේ හැම දවසකම පොඩි වෙලාවකට හරි තියෙන්න ඕනේ දෙයක් කියලා මන් හිතනවා.

පරිසරය නිශ්ශබ්ද වුනාම අපේ සිතුවිලි වලට ඇති වන බාධාවන් අඩු වෙනවා. නිශ්ශබ්ද පරිසරයක ලස්සනට හිතන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමන්ට තමන් එක්ක කතා කරන්න පුළුවන් වෙනවා. පරිසරය වගේම අපේ මනසත් නිශ්ශබ්ද වුන තැන අමුතු සැනසීමක් තියෙනවා. හැමවෙලේම අපේ මනසට එන එක එක සිතුවිලි ටික වෙලාවකට නතර වෙලා තියෙන එක වෙනස්ම විදිහේ සැනසීමක්.

නිශ්ශබ්දතාවය විවිධ තැන් වල දී විවිධ විදිහට අර්ථ දක්වන්න පුළුවන් දෙයක්. සමහර තැනක නම් නිශ්ශබ්දතාවය කියන්නේ හිතට බයක් ගෙන දෙන දෙයක්. මන් කලින් කිව්වා වගේ සමහර තැනකදී නම් එක හිතට සැනසීමක් ගෙන දෙන දෙයක්.

කොහොම වුණත් ශබ්දය අඩු පරිසරයක ජිවත් වීම සෞඛ්‍ය අතිනුත් අපිට වාසිදායක වනවා. අධික ශබ්දය හදවත් රෝග ඇති කිරීමේ අවධානම වැඩි කරනවා කියලා පරියේෂණ වලින් හොයා ගෙන තියෙනවා.

1961 වසරේ අද වගේ දවසක තමයි මිනිසුන් ඉස්සෙල්ලම අභ්‍යාවකාශයට ගිහින් තියෙන්නේ. ඉස්සෙල්ලම අභ්‍යාවකාශ ගත වුණු පුද්ගලයා තමයි යුරි ගගාරින් කියන්නේ. මේ දවස සිහිපත් කරන්න අප්‍රේල් 12 වෙනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ තරණය කිරීමේ දිනය විදිහටත් නම් කරලා තියෙනවා.

එදා යුරි ගගාරින් තිබ්බ ඒ පිම්ම අද වෙනකොට ගොඩක් ඉදිරියට ගිහින් තියෙනවා.

අප්‍රේල් 12 කියන්නේ Only child day එක. ඔන්න ඔයාටත් සහෝදර සහෝදරියෝ කවුරුවත්ම නැත්නම් අද ඔයාගේ දවස.. හිකිස්… පවුලක එකම ළමයා වෙන එකේ වාසි අවාසි දෙකම තියෙනවා ඉතීම්. ලොකුම වාසිය තමයි ගෙදරට ගේන හැමදේම තමන්ට අයිති වෙන එක… බෙදන්න කෙනෙක් නැහැ නේ ඉතීම්…

අවාසිය තමයි ඉතින් තනි වෙන එක.. එහෙම තමයි ඕනම දෙයක වාසි අවාසි දෙකම තියෙනවා නේ..

අද world hamster day එකත් වෙනවා. hamster සතුන් කියන්නේ අර සුරතලයට හදන මීයෝ වගේ සතුන්. හරිම cute හුරතල් සත්තු ජාතියක් එයාලා. hamster වර්ග 24ක් දැනට හොයා ගෙන තියෙනවා. එයාල අතරින් Syrian hamsters, dwarf hamsters, සහ Chinese hamsters කියන අය බහුලව සුරතල් සතුන් විදිහට ඇති කරනවා.

ඉතින් එහෙනම් අද දවස සතුටින් ගත කරන්න..

ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සෞභාග්‍යමත් ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වේවා!

ජය වේවා! තෙරුවන් සරණයි!