Tiktok සහ Universal Music Group අතර ඇති වූ මතභේදත්මක් ආරවුල් තත්ත්වය මධ්‍යයේ වුවද නැවතත් Taylor Swift ගේ ගීත Tiktok හි පළ කර තිබෙනවා.
“You Belong With Me,” “Lover,” “Cardigan,” “Mirrorball,” “Fearless (Taylor’s Version),” “Cruel Summer,” “Cardigan,” “Style (Taylor’s Version),” “Is It Over Now? (Taylor’s Version),” “The Man” and “ME!” යන ගීත මේ වන විට Tiktok පරිශීලකයන්ට ඔවුන්ගේ video සඳහා යොදා ගැනීමේ අවස්තාව හිමි වී ඇති බවයි සඳහන් වෙන්නේ.
පසුගිය පෙබරවාරි මාසයේ සිට Taylor Swift ගේ ගීත මෙන්ම Ariana Grande සහ Camila Cabello ඇතුළු තවත් ගායක ගායිකාවන් කිහිපයකගේ ගීත Tiktok හි භාවිත කිරීමට නොහැකි වී තිබුනා.
ඒ ජනවාරි 31 දිනෙන් කල් ඉකුත් වූ බලපත්‍ර ගිවිසුමක් අලුත් කිරීමට Tiktok සමාගම සහ Universal Music Group අපොහොසත් වීම හේතුවෙනුයි.
Taylor Swift ගේ ගීත බෙදා හැරීම සිදු කරනු ලබන්නේ Universal Music Group ආයතනයෙන් වනවා.
මෙලෙස Taylor Swift ගේ ගීත යලි Tiktok හරහා ලබා ගත හැකි වීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් මෙතෙක් අදහස් පල කිරීමක් සිදු කර නොමැත.

