ඩොලර් බිලියන 12.5 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැරදිකරු වීම හේතුවෙන් වියට්නාම උසාවිය විසින් එරට ව්‍යාපාරික කාන්තාවකට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.
Van Thinh Phat නම් ප්‍රධාන සමාගමේ සභාපතිවරිය වන Truong My Lan හට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
බ්‍රහස්පතින්දා පැවති නඩු විභාගයක් අවසානයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති අතර එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇයගේ නීතිඥයින්ට දින 15ක කාලයක් ලබා දී තිබෙනවා.
67 හැවිරිදී ඇය 2012 සහ 2022 අතර කාලය තුළ සයිගොන් ඒකාබද්ධ කොටස් වාණිජ බැංකුවේ නීතිවිරෝධී ලෙස පාලන කටයුතු සිදු කර ඇති අතර එම කාලයේ දී රජයේ නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් විශාල ලෙස මූල්‍ය වංචා සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඇයගේ වත්කම 2022 වසරේ දී වියට්නාමයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 3 කට පමණ සමාන අගයක් ගෙන තිබෙනවා.
කෙසේවෙතත් Truong My Lan පවසන්නේ මේ සියලු චෝදනා අසත්‍ය වන බවයි.

