හිරු නැගීම – 06 : 02
හිරු මුදුන් වීම – 12 : 10
හිරු බැසීම – 18 : 17
අද අප්‍රේල් 11 වෙනිදා, බ්‍රහස්පතින්දා. දැන් නම් ගොඩක් අයට නිවාඩු ලැබිලා, ගොඩක් දෙනා එයාලගේ ගම්බිම් බලා පිටත් වෙන දවස් තමයි මේ.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලබන්නත් තියෙන්නේ තව දවස් 2ක් වගේ බොහොම අඩු කාලයක් හින්දා හැම ගෙදරකම අලුත් අවුරුද්ද පිළිගන්න ලහි ලහියේ සූදානම් වෙනවා.
ඉතින් අපි කලිනුත් මතක් කළා වගේ අවුරුදු තියෙන්නේ පවුලේ හැමෝම එකට ඉන්න තැන. මේ අවුරුදු කාලේ පරණ දේවල් අමතක කරලා පවුලක් විදිහට එකතු වෙන්න උත්සාහ කරන්න.
අද අප්‍රේල් 11 වෙනිදා තියෙන විශේෂත්වය තමයි අද World Parkinson’s Day එක. පාකින්සන් කියන්නේ ස්නායු ආබාධයක්. අපේ චලන අපිට නිසි පරිදි පවත්වා ගෙන යන්න බැරි වීම තමයි මේ රෝගයේ රෝග ලක්ෂණය වෙන්නේ.
මොලයේ නියුරෝන සෛල විනාශ වීම මේ රෝගය ඇති වෙන්න හේතු වෙනවා කියලා තමයි හොයා ගෙන තියෙන්නේ. විශේෂයෙන්ම මොලයේ substantia nigra කියන කොටසේ තියෙන සෛල විනාශ වීම මේකට ප්‍රධාන වශයෙන් බලපානවා. ඒ කොටසේ තියෙන සෛල මඟින් අපේ චලන පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය වන dopamine කියන හෝර්මෝනය ශ්‍රාවය කරනවා.
මේ සෛල විනාශ වෙලා තියෙන ප්‍රමාණය අනුව එකිනෙකාට මේ පාකිසන් වලින් ඇති වෙන බලපෑම වෙනස් වෙනවා, සමහර අය නම් එයාලාගේ ජිවිතේ සාමාන්‍ය පරිදි ගත කරනවා මේ රෝගය තිබිලත්.
මේක සුව කරන්න තවම නිශ්චිත බෙහෙතක් හොයා ගෙන නැහැ කියල තමයි වාර්තා වෙන්නේ.
අප්‍රේල් 11 කියන්නේ සුරතල් සතුන්ගේ දිනයත වෙනවා. සුරතල් සතෙක් කියන්නේ ඉතීම් ළමයි වගේ ගෙවල් වල හදන කට්ටියක් නේ. එයාලත් ගෙදර පවුලේ සාමාජිකයන් වගේ. සුරතල් සතුන් එක්ක ටික වෙලාවක් කාලය ගත කිරීම අපේ මානසික සෞඛ්‍යට ගොඩක් හොඳ දෙයක්.
මේ කාලේ නිවාඩු නිසා ඔන්න ඔයාටත් පුළුවන් ඔයාගේ ගෙදර ඉන්න සුරතල් සත්තු එක්ක වැඩි කාලයක් ගත කරන්න. මේ තියෙන රස්නේ එයාලටත් දරා ගන්න අමාරු නිසා එයාලව නාවන එක හරිම හොඳ දෙයක් මේ කාලේ.
අද සබ්මැරින් දවසත් වෙනවා. සබ්මැරින් කියන්නේ ඔන්න කන බනිස් එක නෙමෙයි, වතුර යට යන එක. සබ්මැරින් ගොඩක්ම යුධ කටයුතු වල දී භාවිතා වුණත් මුහුදු පතුල ගවේෂණය කිරීම සඳහා එහෙමත් සබ්මැරින් යොදා ගන්නවා.
මතක නේ Titanic නැවේ නටබුන් බලන්න ගිය Titanic සබ්මැරින් එකට වුණු දේ.
සබ්මැරිනයක ගමන් කිරීම එක්තරා ආකරයක අනතුරක් සහිත දෙයක් වුණත් මුහුද හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන් අවස්තාවක් ඒක. ඒ වගේම සතුරන්ට පෙන්නේ නැති වෙන්න එයාලගේ ඔත්තු බැලීමටත් මේවා යුද්ධයේ දී භාවිතා කරනවා.
දියණු වෙන තාක්ෂනය එක්ක රේඩාර් වලට හසු නොවෙන ආකාරයේ සබ්මැරින් එහෙමත් හදලා තියෙනවා.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. මේ නිවාඩු දවස් ටික හොඳට හිතේ සැහැල්ලුවෙන් ඉන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

