අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් හෙට (11) දිනයේ සිට ගම්බිම් බලා යෑමට පිරිස් කටයුතු කරන්නේ නම් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 12 වනදා සවස් කාලය වනවිට බස් රථවල තදබදයක් ඇති වියහැකි බවය.
පුණ්‍ය කාලය එළඹෙන තෙක් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බවද ගැමුණු විජේරත්න තවදුරටත් පැවසීය.
අවුරුදු සමය වෙනුවෙන් ගමනා ගමන කොමිෂන් සභාවේ ඉල්ලීම මත අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීමට කටයුතු සූදානම් කර තිබේ.
එළඹෙන 15 වනදා සිට ජනතාවට නැවත කොළඹ ට පැමිණීමට බස් රථ යෙදවීමට ද සැලසුම් කර ඇත.
අධිවේගී මාර්ගවල ද අතිරේක බස් රථ යෙදවීමට නියමිතව තිබෙනවා.

