හිරු නැගීම – 06 : 03
හිරු මුදුන් වීම – 12 : 10
හිරු බැසීම – 18 : 17
අද අප්‍රේල් මාසේ දහවෙනිදා. ඊයේ දිනයේ අලුත් හඳ දර්ශනය වුණු නිසා අද ලංකාවේ මුස්ලිම් බැතිමතුන් නම් රාමසාන් උත්සවය සමරනවා
සුර්යයග්රහණය වුණු දවස ඒ කියන්නේ අප්‍රේල් 08 කියන්නේ අමාවක දවසක්. සූර්යයග්රහණයක් වෙන්නේ අමාවක දවසක විතරයි. ඉතින් මේ යන්නේ හඳ පුරන කාලේ, ඒ කියන්නේ හඳේ එලිය වැඩි වෙන කාලේ.
ඉතින් අප්‍රේල් 10 වෙනිදා තියෙන විශේෂත්වය තමයි අද World Homeopathy Day එක. හෝමියෝපති කියන්නෙත් එක්තරා ආකරයක වෛද්‍ය ක්‍රමයක්.
අවුරුදු 200කට විතර කාලයක පටන් ගොඩ නැගිනු වෛද්‍ය ක්‍රමයක් තමයි මේ. අනික් වෛද්‍ය ක්‍රමවලට වඩා ටිකක් වෙනස් විදිහට තමයි මේකේ ඖෂධ එහෙම හදන්නේ. මේ වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් විවිධ මත තියෙනවා සමාජයේ නම්.
මේ වෛද්‍ය ක්රමයේ දී දෙන ඖෂධ හරහා අපේ ශරීරයේ තියෙන ස්වාභාවික සුවවීමේ වේගය වැඩි කිරීමක් තමයි මූලිකව සිදු කෙරෙන්නේ.
ඒ වගේම අප්‍රේල් 10 කියන්නේ රෝස පාට සඳහා වෙන් වුණු දවස. මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ bullying, ragging වගේ දේවල් පිටු දැකීමේ අදහසින්. රෝස පාට කියන්නේ මෘදු බවේ සංකේතයක් නේ.
අපිත් අපිට හම්බ වෙන හැම කෙනා එක්කම මෘදු විදිහට ගනුදෙනු කරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා, ඒ තියෙන ප්‍රශ්න සමහර ඒවා දන්නේ අපි විතරයි, හැමෝම තමන්ගේ හිතෙන ලොකු යුද්ධයක ඉන්නේ. ඒ නිසා එයාලට වචනයකින් හරි සතුටක් සැනසීමක් දෙන එක වටිනා දෙයක්. ඒ නිසා හැමෝම එක්ක මෘදු මොලොක් විදිහට කටයුතු කරන්න.
අදට යෙදෙන තවත් දවසක් තමයි Siblings Day එක හෙවත් සහෝදර සහෝදරියන්ගේ දවස. ගෙදර දෙමව්පියෝ හැරුනාම අපි ලඟින් අපි පොඩි කාලේ ඉඳන් ඉන්නේ එයාල. සමහර වෙලාවට අපිට වදයක් කියලා හිතෙන, ඒ වුණත් නැතුවම බැරි පිරිසක් තමයි සහෝදර සහෝදරියෝ කියන්නේ. හිකිස්…
සහෝදර සහෝදරියන්ගේ තියෙන්නේ ලේ බැඳීමක්.. ඒ බැඳීම අනෙක් හැම දෙයකටම වඩා ලොකුයි ඉතින්. ඒ නිසයි අනිවාර්යයෙන් මුදල් ඉඩම් වගේ දේවල් නිසා ඒ බැඳීමට හානි කර ගන්නේ නැතිව ඉන්න ඕනේ. මොකද අපිට මුදල් ඉඩම් ආයේ ඕනේ තරම් හම්බ කර ගන්න පුළුවන් වුණත් සහෝදරකම් හොයා ගන්න වෙන්නේ නැහැ නේ..
Golfer’s Day එක හෙවත් ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ දවසත් අදට යෙදිලා තියෙනවා. ගොල්ෆ් ක්‍රීඩාව හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා නේ. ඉතින් ඔන්න ඔයා ගොල්ෆ් ක්‍රීඩා කරන කෙනෙක් නම් අද ඔයාගේ දවස. ඔයා දන්නා ගොල්ෆ් ක්‍රීඩකයන්ට wish කරන්නත් අමතක කරන්න එපා අද.
අද ඉඳන් ඉතින් ගොඩක් දෙනාට දීර්ඝ නිවාඩුවකුත් ලැබෙනවා නේ. එහෙනම් අද සතුටින් ඔයාලගේ රාජකාරී වැඩ වලට ගිහින් එන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

