අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779කට නිදහස

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව එලෙස ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා.