හිරු නැගීම – 06 : 03
හිරු මුදුන් වීම – 12 : 10
හිරු බැසීම – 18 : 17
අද අප්‍රේල් නවවෙනිදා, අඟහරුවාදා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලබන්න තව තියෙන්නේ හරියටම දවස් තුනක් වගේ කෙටි කාලයක්. මේ පාර ටිකක් වෙනස් විදිහට නේ අවුරුදු වැටිලා තියෙන්නේ, 12 සහ 13 වෙනිදා.
ඉතින් අද අප්‍රේල් 09 වෙනි දා තියෙන විශේෂත්වය තමයි අද International ASMR Day එක. ASMR කියන්නේ ටික්ටෝක් එකේ, instagram එකේ තියෙන හරි සද්දේ ඇහෙන reels වලට, හිකිස්… පොඩි පොඩි සද්ද ටිකක් ලොකුවට ඇහෙන්න සලස්වමින් තමයි ඒවා හදලා තියෙන්නේ.
ASMR කියන යෙදුම දීර්ඝ විදිහට ගත්තොත් Autonomous Sensory Meridian Response හෙවත් ස්වයංක්‍රීය සංවේදක මෙරිඩියන් ප්‍රතිචාරය වෙනවා. ශබ්ද සහ රූප යොදා ගනිමින් තමයි මේ ප්‍රතිචාරය අපේ ශරීරයේ ජනනය කරවන්නේ. ඒකෙන් අපිට relax feeling එකක්, සන්සුන් ස්වාභාවයක් දැනෙනවා. අපේ දිනපතා ජිවිතයේ ත් මේ ASMR ශබ්ද ගොඩක් හම්බ වෙනවා. උදාහරණයක් විදිහට වැස්ස වැටෙන සද්දේ ගන්න පුළුවන්.
සමහර අයට නම් සමහර ASMR ශබ්ද කරදරයක් වගේ දැනෙන්නත් පුළුවන්. ඒක එකිනෙකාට වෙනස් වෙනවා.
ඒ වගේම තමයි අප්‍රේල් 9 කියන්නේ Unicorn Day එක විදිහටත් හඳුන්වන්න පුළුවන්. Unicorn එහෙමත් නැත්නම් කඟවේනා කියලා සිංහලෙන් හඳුන්වන මෙම සත්ත්වයා අශ්වයෙක් වගේ ඉන්න ඒ වුනාට නළලේ අඟක් තියෙන සත්ත්වයෙක්. දැන් නම් මෙයාව සම්පූර්ණයෙන් මිත්‍යා සත්ත්වයෙක් විදිහට නම් කළත් පරණ ඉතිහාස මූලාශ්‍ර වල Unicorn ලා දඩයම් කරපු අවස්ථා ගැන සඳහන් වෙලා තියෙනවා.
දැන් අපි Unicorn කෙනෙක්ට ලස්සන සුරතල් පෙනුමක් ආරෝපණය කරලා තිබුණට මේ Unicorn ලා එයාලගේ අඟ භාවිතා කරලා මිනිසුන් පවා මරණ සතුන් ජාතියක් විදිහටත් සමහර පොත් වල මෙයාල හඳුන්වලා දීලා තියෙනවා.
අදට නම් ලෝකයේ Unicorn කෙනෙක්ගේ සාක්ෂි මොකුත් නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් සමහර විට Unicorn ලා මේ ලෝකේ ඉඳලා වඳ වෙලා ගිහින් වෙන්නත් පුළුවන්.
ඉතින් එහෙනම් අද දවස සතුටින් ගත කරන්න, ඒ වගේම productive විදිහට ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

