විදේශගත ශ්‍රමිකයින් මාර්තු මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 572.4 ක මුදලක් මෙරටට එවා ඇති බව වාර්තා වෙනවා.
එසේම මේ වසරේ මුල් මාස තුන තුළදී පමණක් විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 1.53 ක මෙරටට එවා ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.7 ක ඉහල යාමක් ලෙසයි දැක්වෙන්නේ.
නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හදුන්වා දීම, බහු කාර්ය ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීම, හෝප් ගේට් නමින් ගුවන්තොටුපොලේ විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂ ද්වාරයක් හදුන්වා දීම වැනි පියවර ගෙන තිබීම හේතුවෙන් නීත්‍යානුකූලව එවන ප්‍රේෂණ ඉහළ ගොස් තිබෙනවා.

