2024 දී පමණක් සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 1,025ක්

2024 මුල් මාස තුනේ දී පමණක් සංචාරකයින්ගේ පැමිණීමෙන් ඩොලර් මිලියන 1,025ක් උපයා ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

එම කාලයේ දී සංචාරක පැමිණීම් 635,784ක් වාර්තා වී තිබෙනවා.

2023ට සාපේක්ෂව එය 89% ක වර්ධනයක් පෙන්නුම් කරනු ලබන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වසරක් තුළ මෙරටට පැමිණි වැඩිවීමක් සංචාරකයින්ගේ සංඛ්‍යාව මෙම වසරේ දී වාර්තා වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.