වසර 111ක සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ එක් දිනක් තුල ඉපැයූ වැඩිම සුරාබදු ආදායම පසුගිය අප්‍රේල් 03 වැනිදා උපයා ගෙන තිබෙනවා.
එදින සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 139ක මුදලක් අයකරගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකි වී ඇති බවයි සඳහන් වෙන්නේ.
2024 මුල් මාස තුනේ සුරා බදු ආදායම ලෙස රුපියල් මිලියන 5124ක් උපයා ඇති බවත්, පසුගිය වසරේ මුල් මාස තුන හා සසඳා බැලීමේදී 26.4% බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

