පුබුදු ගමගේ නම වගේම ඒ රූපය කලක පටන් බොහෝ දෙනෙකුට සමීපයි. මෑත කාලයේ ඔහු සම්බන්ධ වූ නිර්මාණ විකාශය නොවූ නිසා බොහෝ දෙනෙක් හිතන්නේ ඔහු රංගනයට සමුදුන් බව, නමුත් ඔහු රංගනයට සමු දීලා නැහැ. ටික කාලයක් තිරයෙන් පෙනී නොහිටියේ ඇයි කියන කාරණය වගේම ඔහුගේ බිරිද ගැනත් මුල් වරට හෙළි කරන්නේ මේ විදිහටයි.
පුබුදු කොහොමද මේ දවස්වල විවේක සුවයෙන් කාලය ගත කරනවා ඇති නේද රටේ පවතින තත්වයත් එක්ක..?
ඔව්. හරිම සෞම්‍ය ජිවිතයක් මාස දෙකක ඉදලා ගත කරනවා. නිදහසේ සරලව සතුටින්. රටේ තත්ත්වය වගේම ලෝකයේ පවතින තත්ත්වය ගැන නම් ලොකු කණගාටුවක් තියෙන්නේ.
පුබුදු කොරෝනා තත්ත්වය එක්ක බලංගොඩ පැත්තේ කොටු වෙලා කියලා ආරංචියක් ආවා..?
ඇදිරි නීතිය දාන්න කලින් බලංගොඩ ඥාතී නිවසකට ආවා මළගෙයක් වෙලා. ඒ ආවාට පස්සේ මාස දෙකක් වෙනවා අපිට යන්න විදිහක් නැතුව මෙහෙට වෙලා ඉන්නවා. මේ වගේ කාලෙක මේ වගේ පැත්තක ජිවත් වෙන්න ලැබීමම වාසනාවක්. ගම කියන්නේ හරිම සුන්දර හිතට සුවයක් දෙන තැනක්. නාගරික ජිවිතේට වඩා ගමේ ජිවිතේ වටිනාකම දැනුනා කිව්වොත් හරි. ඒ වගේම කියන්න ඕන මේ පැත්තේ මිනිස්සු කොරෝනා කියලා අසරණ වෙලා නැහැ. තව කෙනෙක් අසරණ කරන්නෙත් නැහැ. රැකියාව වගාව නිසා කෑමබීම වලින් අඩුවක් නැහැ. ආරක්ෂිතයි. ඒ නිසා හරිම සතුටින් මේ දිනවල කාලය ගත කරනවා. බයක් නැතුව. මේ දවස් ටික කාලය ගත වුනා දැනුනේ නැහැ කිව්වොත් හරි.
කොහොමද ගමේ ප්‍රතිචාර..?
ගමේ ජනතාව මාව දකිනකොට සතුටින් ප්‍රතිචාර දක්වනවා. බොහෝ දෙනෙක් කතාබහ කරනවා. මගේ ගම බෙල්හුල්ඔය ඇත්තටම කිව්වොත් කුඩා කාලෙන් පස්සේ අධ්‍යාපන කටයුතු එක්ක හා රංගනය එක්ක කොලබට ආවට පස්සේ ගමේ සුවය විදින්න ලැබුනේ කලාතුරකින්. ගමකම ජිවත් වෙන්න තිබ්බා නම් කියලා හිතෙනවා. ගමේ මිනිස්සු කොහොමත් අපිට ආදරෙයි.
පුබුදු රංගන කටයුතු වලින් සමු අරගෙන කියලත් පසුගිය කාලයේ කතාවක් පැතිරුණා.?
අවුරුද්දක් විතර මාව දකින්න ලැබුණෙ නැහැ. මම උසස් අධ්‍යාපන කටයුතු සදහා සම්බන්ධ වුනු නිසා. නමුත් මම සම්බන්ධ වුනු ටෙලි නාට්‍ය කිහිපයක් රූගත කරලා තියෙනවා. ඒවායේ විකාශය ප්‍රමාදයි. ඒ නිසා මම රංගනයට සමු දීලා ඇති කියලා හිතනවා ඇති දකින්න නැති නිසා. නමුත් සම්පුර්ණයෙන්ම රංගනයට සමු දෙන්න අදහසක් නැහැ. කොරෝනා තත්ත්වය අවසන් වෙලා රට සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ නිර්මාණ කටයුතු සිදුවෙයි කලා ක්ෂේත්රයේ.
මට ආරාධනා ලැබුනොත් මම කැමැත්තෙන් ඉදිරියේදී සම්බන්ධ වෙනවා.
ඔබත් චරිත තෝරා ගන්නා නළුවෙක්ද..?
මම රංගනයට අවතීර්ණ වෙලා දැන් වසර 14ක් වෙනවා. ලංකාව වගේ රටක නළුවෙකුට චරිත තෝරා බේරාගෙන රගපාන්න බැහැ. ඒ නිසා චරිත තෝරා ගැනීම සියයට 50ක් කියන්න පුළුවන්. ඒක ඇත්තටම ප්‍රයෝගික නැහැ. මම මෙගා නාට්‍යවලින් රංගනයට ආවේ. මෙගා නාට්‍ය රූගත කිරීම් අවුරුදු දෙකක් විතර කරනවා. ඒ නිසා ගොඩක් චරිත තෝරාගෙන හෝ භාරගෙන කරන්න වෙලාවක් නැහැ. මගේ අධ්‍යාපන කටයුතු තව ටික දවසකින් අවසන් වෙනවා. ඊට පස්සේ මෙගා නාට්‍යවලටත් සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නේ. චරිත කිහිපයකට ආරාධනා ලැබිලත් තියෙනව. ඒවා ඉදිරියේදී සිදු වෙයි.
චිත්‍රපටි නළුවෙක් වෙන්න හීනයක් නැද්ද..?
හැම රංගන ශිල්පියෙකුගේම හීනය ඒක තමයි. මමත් ආකාස කුසුම සිනමා පටයේ චරිතයක් කළා. ඊට පස්සේ සිනමාපටයකට සම්බන්ධ වුනේ නැහැ. ලොකු කැමැත්තක් තියෙනවා සිනමා නළුවෙක් වෙන්න.
පුබුදු ගමගේ කියන නළුවා විවාහ වෙලාද, පෙම්වතියක් ඉන්නවද කියලා ඔබේ රසිකාවියන් තවමත් දන්නේ නැහැ. හැමෝටම වසන් කරලා බිරිද කරගත් ඇය ගැන කතා කරමුද..?
උදේෂි රාජපක්ෂ තමයි මගේ බිරිදගේ නම . මට එයාව මුණගැහෙන්නේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේදී. ඊට පස්සේ අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ මගේ කරගන්න ඕන නිසා දැනට අවුරුදු 5කට කලින් අපි විවාහ ගිවිස ගත්තා. දෙන්නම අධ්‍යාපන කටයුතුවල නිරත වුනු නිසා විවාහ උත්සවයක් ගන්න බැරි වුනා. ඇත්තම කිව්වොත් මේ අගෝස්තු මාසේ තමයි අපේ විවාහ උත්සවය පවත්වන්න හිටියේ. නමුත් කොරෝනා තත්වය නිසා එය ටිකක් කල් දාන්න සිද්ධ වුනා. වෙනස්ම විදිහකට විවාහ උත්සවය ගන්න ධනංජය බණ්ඩාර සැලසුම් කරලා තිබ්බේ. පොඩි දුකක් තියෙනවා. නමුත් අපි ආසාවෙන් ඉන්නේ ලස්සනට වෙඩින් එක ගන්න නිසා අවුරුදු 5ක් ඉවසපු එකේ තව ටිකක් ඉවසනවා.
ඔබ නළුවෙක්. සාමාන්‍ය ජිවිතයක් ගත කරන ඇයගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
ලොකු සහයෝගයක් ලැබෙනවා. මට ලැබෙන පිටපත් මුලින්ම කියවන්නේ එයා. ප්‍රතිචාර දක්වනවා. නමුත් රූගත කරලා විකාශය වෙද්දී දර්ශනවල නිලියක් එක්ක රගපානවා දැක්කොත් නොක්කඩුවෙන් ඉන්නවා. මුහුණ හොද නැහැ. ඒ නිළිය එක්ක තරහින් ඉන්නේ. ඒ තරහ ඒ නිලියට පෙන්නනේ නැහැ. කොහොමත් කෙල්ලෝ ඊර්ශ්‍යා කරනවනේ. ඒක සාමාන්‍ය දෙයක්. මෙයත් ඒ වගේ තමයි. නමුත් තේරුම් අරගෙන ජිවත් වෙනවා. ඉක්මනටම එක වහලක් යට ජිවත් වෙන්න තමයි අපි දෙන්නම සැලසුම් කරන්නේ. මෙහෙම හිටියා ඇති කියලා දැන් හිතෙනවා.
හර්ෂණී වීරරත්න


