නිව්යෝර්ක් නුවරට දුර්ලභ භූ කම්පනයක්

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට රිච්ටර් මාපකයේ 4.8 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

නිව්යෝර්ක් නගරය සාමාන්‍යයෙන් ප්‍රබල භූ කම්පන කලාතුරකින් ඇති වන ප්‍රදේශයක් වීම හේතුවෙන් මෙම කම්පනය නගරයේ සියලු දෙනා තැති ගැන්වීමට සමත් වූ බවයි ව්දෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය නිව් ජර්සි හි Whitehouse Station ආසන්නයේ ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

භූ කම්පනය හේතුවෙන් සිදු වූ හානි කිසිවක් වාර්තා වී නොමැත.

නිව් යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර Kathy Hochul පැවසුවේ මෙය පසුගිය ශතවර්ෂයේ නැගෙනහිර වෙරළ තීරයේ සිදු වූ විශාලතම භූමිකම්පා වලින් එකක් බවයි.

මෙම භූ කම්පනය පුද්ගලයන් මිලියන 42කට අධික පිරිසකට දැනෙන්න ඇති බවට වාර්තා වෙනවා.