පැය 24 තුළ තායිලන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවේ

තායිලන්තයේ පසුගිය ජනවාරි මස 13දා ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා වීමෙන් පසුව නව ආසාදිතයෙකු ගෙවීගිය පැය 24 තුළ වාර්තා වී නොමැති බව එරට කොවිඩ්-19 තත්ත්ව පරිපාලන මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රකාශක වෛද්‍ය තවීසිල්ප් විසනුයෝටින් වාර්තාකරුවන්ට පැවසුවේ මේ වනවි එරට මුළු ආසාදිතයන් ගණන දැන් 3,017ක් බවයි.

මෙහිදී රෝගීන් 56 දෙනෙකු මියගොස් ඇති අතර 2,844 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇති බවද හෙතෙම පැවසීය.