ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් ජපානයට, තායිවානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සුනාමි රළ මීටර 3ක් පමණ උස් විය හැකි බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ.

මේ අනුව Okinawa දූපත, Miyakojima දූපත and Yaeyama දූපත ආශ්‍රිතව ජීවත් වන ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී තිබෙනවා.