නොමිලේ වීසා ලබා දීමේ නියමු ව්‍යාපෘතිය දීර්ඝ කරයි

රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමේ නියමු ව්‍යාපෘතිය 2024 අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන්හට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීම ලබන 30 වන දා දක්වා සිදු කෙරනු ඇත.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු අතර, එය 2024 මාර්තු 31 දක්වා කාලයින් අවසන් වීමටයි මින් පෙර සැලසුම් කර තිබුනේ.