ලාෆ් ගෑස් මිලත් අඩු වෙයි

මිල සූත්‍රයට අනුව ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (01) සිට අඩු කිරීමට කටයුතු කළ බව ලාෆ් සමාගම සඳහන් කරනවා.

ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 625කින්ද, කිලෝ පහ සිලින්ඩරයක මිල රුපියල් 248කින්ද අඩු කර තිබේ.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,115ක් ලෙස ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,652ක් ලෙස ද සටහන් වි තිබෙනවා.