සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය වෙයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

සයිනොපෙක් සමාගමේ 92 වර්ගයේ ඉන්ධන ලීටරයක් රුපියල් 368ක් වන අතර සයිනොපෙක් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 360ක් ලෙස පවතින බවයි සයිනොපෙක් සමාගම පැවසුවේ.