ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු හා කතෝලික බැතිමතුන් අද දිනයේ පාස්කු මංගල්‍ය සමරනු ලබනවා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගසේ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු ඉරිදා සිදු වූ බවයි ඔවුන් විශ්වාස කරන්නේ.
ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත්පිළිවෙත් සිදුකරන අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වෙයි.
ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන් වනවා.
අද දිනයේද දේව මෙහෙයන් ඇතුලු ආගමික කටයුතුවලට එක්වන කිතුනු ජනතාව කිතු සමිඳුන්ගේ සදාකාලික ප්‍රේමය සිහිපත් කරමින් පාස්කු දිනය සමරනු ලබනවා.


