මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) දින දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම නඩත්තු කටයුතු ඊයේ දින ආරම්භ කල අතර ඊයේ දින ද එම දුම්රිය ගමන්වාර 25ම අවලංගු කළ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමෙන්ම එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ දී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුද යම් තරමකට ප්රමාද විය හැකි බවයි.


