ජේසුස් ක්රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා.
අද දිනය කිතුණු බැතිමතුන් ශෝකයේ සහ නිරාහාරශීලයේ දිනයක් ලෙස සලකන අතර ඊට සමගාමීව කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන්ද සංවිධානය කර තිබෙනවා.
කිතුනුවන් ගේ විශ්වාසයට අනුව මහා සිකුරාදාට පසුව යෙදෙන ඉරිදා දිනයේ ජේසුස් ක්රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වී තිබෙනවා. එය පාස්කු ඉරිදා ලෙසයි සලකන්නේ.


