සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් 321 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 61 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇතැයි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් මේ වන විට ලංකාවේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 517ක් වෙයි.