හිරු නැගීම – 06 : 09
හිරු මුදුන් වීම – 12 : 14
හිරු බැසීම – 18 : 19
අද මාර්තු මාසේ 27 වෙනි බදාදා. මේ මාසේ අන්තිම බදාදා දවස තමයි අද.
අද නම් සාපේක්ෂව අඩු විශේෂත්වයන් ටිකක් තියෙන දවසක් විදිහට සලකන්න පුළුවන්. එහෙම තමයි හැම දවසක්ම එක වගේම විශේෂ දවස් වෙන්නේ නැහැ නේ නේද..
ඉතින් අද තමයි World Theatre Day එක. Theatre එහෙම නැත්නම් රංග ශාලාවක් කියන සංකල්පය දැන් නම් ක්‍රමයෙන් හීන වෙලා යන දෙයක්. දැන් ගොඩක් තියෙන්නේ cinema තමයි.
කොහොම වුණත් ඉස්සර කාලෙ නම් නාට්‍ය කියන දේවල් සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙනවා. ලෝකයේ විවිධ රටවලට එයාලටම අනන්‍ය වූ රංග ශෛල්යයන්ගෙන් සැකසුනු නාට්‍ය මේවගේ රඟ දක්වලා තියෙනවා.

මේ තියෙන්නේ රෝමයේ අතීතයේ තිබුණු ඒ වගේ රඟහලක්. ඒක නම් හරිම විසාල එකක් නේද… ඔය වටේට තියෙන පඩි ටිකේ තමයි මිනිස්සු ඒකරාශී වෙලා ඉන්නේ. එතකොට අර අර්ධ කවාකාර විදිහට තියෙන ටිකේ තමයි රඟ දැක්වීම් කරන්නේ.
ඉතින් මේකේ සංගීතය, නැටුම් වගේම විවිධ ක්‍රීඩා ප්‍රදර්ශන, සටන්, සතුන් යොදා ගෙන සිදු කරන අංග, ඒ වගේ ගොඩක් දේවල් පෙන්නලා තියෙනවා.
නාට්‍යයක නළු නිලියන් ඒ වෙලාවේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඒ නාට්‍ය ඉදිරිපත් කරන්න ඕනි නිසා රූගත කරන දෙයකට වඩා යම් අසීරුතාවයක් මෙහි තියෙනවා. චිත්‍රපටයක වගේ නෙමෙයි මේකේ දී හැම දේම රඟපෑම අතරතුරදී ම කරන්න ඕනි නිසා නාට්‍ය රඟ දක්වන්, පසුබිම් ශිල්පින්ගේ සාමුහික උත්සාහයක් විදිහට මේ නාට්‍ය හඳුන්වන්න් පුළුවන්.
ඔයාලත් නාට්‍ය බලන්න ගිහින් තියෙනවද? නැත්නම් ඔන්න අනිවාර්යයෙන් එක පාරක් හරි ඒ අත්දැකීම ලබා ගන්න. ඒ වගේම නාට්‍ය බලන්න ගියාම අමතක නොකර ඉස්සරහ seat එකක ඉඳ ගන්න… හිකිස්..
එහෙනම් අද දවසත් සතුටින් ගත කරන්න.
අද මේ දවස ඔයාගේ ජිවිතේ ලස්සන දවසක් කර ගන්න උත්සාහ කරන්න. ඔයාගේ හිතට වද දෙන දේවල් ටිකක් අමතක කරලා නිදහසේ ඉන්න අද… මොකද ඒ වද දෙන දේවල් හැමවෙලේම හිත හිතා හිටියා කියලා ඒ දේවල් වලට විසඳුමක් ලැබෙන්නේ නැහැ නේ.
ඒ නිසා සන්සුන් මනසින්, වෙලාවක් වෙන් කර ගෙන ඒ දේවල් කල්පනා කරන්න… නැත්නම් ඔයාට ඒ දේවල් මතක් වෙන්න වෙන්න වෙන්නේ ඔයාගේ දවසේ වැඩ ටික ඔයාට හොඳින් කර ගන්න බැරි වෙන එක විතරයි.
ජය වේවා! තෙරුවන් සරණයි!

