Baltimore පාලම් අනතුරේ රූප රාමු

එක්සත් ජනපදයේ බැල්ටිමෝර් (Baltimore) නගරයේ ප්‍රධාන පාලමක කන්ටේනර් නෞකාවක් ගැටීමෙන් එම පාලම පැටප්ස්කෝ ගඟට කඩා වැටී තිබෙනවා.

ඒ මොහොතේ පාලමේ ගමන් කරමින් සිටින වාහන සහ, පාලමේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටි මිනිසුන් කිහිප දෙනෙක් ද සමඟයි පාලම මෙලෙස කඩා වැටි ඇත්තේ.

මේ වන විට අතුරුදහන් වූ පුද්ගලයන් හය දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර පුද්ගලයන් දෙදෙනෙක් බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම ඛේදවාචකයේ රූපරාමු වේ.