වසර තුනකට පසු ශ්‍රී ලංකාවට පාපන්දු ජයක්

වසර 3කට පසු ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (25) රාත්‍රියේ සමත් වුණා.

ඒ භූතානය ගෝල 2-0 ක් ලෙස පරාජයට පත්කරමින්.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පාපන්දු ක්‍රීඩාවේ නව ගමනක ආරම්භය සනිටුහන් කරනු ලැබුවා.

මේ අතරම මිලියන 58ක පාපන්දුලෝලීන් එකතු වී තිබෙන FIFA World Cup නිල ෆේස්බුක් පිටුවේද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ඡායාරූපයක් පල කර තිබෙන අතර එයට දෙස් විදෙස් පාපන්දු ලෝලීන්ගේ විශාල ප්‍රතිචාර ලැබී තිබුනා.

එම ඡායාරුපය පහතින්,