අවුරුදු 13ට වඩා අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් ඇමරිකාවේ Florida ප්‍රාන්තයේ ආණ්ඩුකාර Ron DeSantis විසින් කෙටුම්පතකට අත්සන් කර තිබෙනවා.
සමාජ මාධ්‍ය විසින් දරුවන් වෙත එල්ල කරන ඍණාත්මක බලපෑම සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව 2025 ජනවාරි මස පළමුවෙනිදා සිට වයස අවුරුදු 13 සහ ඊට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් තිබීම තහනම් වනු ලබනවා.
එසේම අවුරුදු 14- සහ 15 වයස්වල පසුවන අයට ඒවා භාවිතා කිරීමට දෙමාපියන්ගේ අනුමැතිය අවශ්‍ය වනවා.

