අදත් ප්‍රදේශ කිහිපයකට දැනෙන උෂ්ණත්වයක්

අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට සිරුරට දැනෙන අධික උණුසුමක් පැවතිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, වයඹ, උතුරුමැද පළාත්වලත් මන්නාරම, වවුනියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අධික උණුසුම් සහිත කාලගුණ තත්වයක් පැවතිය හැකි බවයි.