රුපියල් ලක්ෂයක අවම දීමනාවක් ලබා නොදුනහොත් වර්ජනයකට යොමුවන බව ශ්රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කරනවා.
ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුර දී එම සංගමය මේ බව සඳහන් කලා.
මහා භාණ්ඩාගාරයේ එකතු කරන මුදල්වලින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස මුදල් ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන බව එම සංගමයේ සභාපති මාහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා එහි දී පවසා සිටියේ.
මේ සඳහා ප්රතිපත්තියක් සකස් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
මේ අතර මෙම ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන අතරදී පිරිසක් ඊට බාධා පැමිණවීමත් සමඟ එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ද ඇති වූ බවයි වාර්තා වෙන්නේ.

