විස්තීරණ අරමුදල් පහසුකම් සහය දක්වන වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අවසන් කිරීමට IMF සහ ශ්රී ලංකා බලධාරීන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා.
සමාලෝචනය IMF කළමනාකාරිත්වය විසින් අනුමත කර IMF විධායක මණ්ඩලය විසින් සම්පූර්ණ කිරීමෙන් පසු ශ්රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 337ක 3 වන වාරිකය හිමිවීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

