ජපානයේ ටෝකියෝ අගනුවර උතුරු ප්‍රදේශයේ අද උදෑසන රිච්ටර් මාපකයේ 5.3 ක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) සඳහන් කළේ කම්පනයක කසුකාබේ සිට කිලෝමීටර් 4ක් පමණ නැගෙනහිරින් ඇති වී ඇති බවයි.
එහි ගැඹුර කිලෝමීටර් 50ක් ලෙස වාර්තා වී ඇති අතර කේන්ද්‍රය ඉබරාකි ප්‍රාන්තයේ නිරිත දෙසින් පිහිටා තිබෙනවා.
කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නිකුත් කර නොමැත.

