බංග්ලාදේශය සමග පැවති දෙවන එක්දින තරගය අතරවාරයේදී අබාධයට ලක් වූ ඩිල්ශාන් මධුශංකට මෙවර IPL තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඒ අනුව ඩිල්ශාන් මධුසංක වෙනුවට දකුණු අප්රිකානු යොවුන් වේග පන්දු යවන ක්රීඩක ක්වේනා මෆාකා මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායමට කැඳවා තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ඩිල්ශාන් මධුශංකට ඉන්දියානු රුපියල් කෝටි 4.6 ක මුදලකට මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම මිලදී ගෙන තිබුණා.
මේ අතර වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ මතීෂ පතිරණටද මෙවර අයි පී එල් තරගාවලියට එක් වීම අවිනිෂ්චිත වී ඇත්තේ ඔවුන්ටද තවමත් පවතින ආබාධවල පූර්ණ සුවයක් නොලැබීම හේතුවෙන්.

