කොවිඩ් වෛරසයට එරෙහිව සටන්කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට ඇමසන් වනාන්තරයේ ජීවත්වන ස්වදේශික ජනතාව කටයුතු කර තිබේ.
බ්‍රසීලය ප්රමුඛ කර දකුණු අමෙරිකානු කලාපීය රටවල් රැසක් පුරා ව්‍යාප්ත වී ඇති ඇමසන් වනාන්තරය මිලියන 03ක ස්වදේශීය ජනතාවට නිවහන සපයයි.
එහි වෙසෙන ගෝත්‍ර රැසකට අයත් ජනතාව මේ වනවිට ශීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ් වෛරසය හේතුවෙන් දැඩි සේ පීඩාවට පත්ව සිටියි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කොවිඩ් පාලනය සදහා අරමුදලක් පිහිටුවාගැනීමට ඇමසන් ද්‍රෝණියට අයත් රටවල් 9ක ස්වදේශිකයන් එක්ව කටයුතු කර ඇති බවයි.
වැඩපිලිවෙල යටතේ, ඉදිරි දෙසතිය තුළ මෙරිකානු ඩොලර් මිලියන 03ක හදිසි ආපදා අරමුදලක් එක්රැස් කර ගැනීමට අපේක්ෂා කෙරෙයි.
දින 60ක කාලයකදී අරමුදල අමෙරිකානු මිලියන 5ක් දක්වා ඉහළ නැංවෙනු ඇතැයි සංවිධායකයන්ගේ බලාපොරොත්තුවයි.
ඇමසන් කලාපයේ වෙසෙන 600කට ආසන්න ගෝත්‍රවලින් 180කට පමණ කොවිඩ් වෛරසයෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.
අඩු පහසුකම් හේතුවෙන් මෙසේ වෛරසය ආසාදනය වන පිරිසෙන් බහුතරය මියයාමේ අවදානමක්ද මතුව ඇතැයි සදහන්.
මෙම ඛේදනීය තත්ත්වය වලක්වාගැනීම මෙම අරමුදලේ අපේක්ෂාවයි.

