වසර 17කට පසුව ජපාන බැංකුව විසින් එරට පොලී අනුපාතය ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජපාන බැංකුව සඳහන් කළේ ජපාන ආර්ථිකය වැඩිදියුණු කිරීමේ අරමුණින් සෘණ පොලී අනුපාත ප්රතිපත්තිය මෙලෙස අවසන් කරමින් පොලි අනුපාතය ඉහළ දැමීමට තීරණය කළ බවයි.
අවසන් වරට ජපාන බැංකුවේ පොලී අනුපාත ඉහල දැමීමක් සිදු වී ඇත්තේ 2007 වසරේ දී වනවා.
ලෝකයේ වඩාත්ම ණයගැති රට ලෙස හැඳින්වෙන ජපානය රටේ ණය ආපසු ගෙවීම කළමනාකරණය කළ හැකි ලෙස තබා ගැනීමේ උත්සාහයක කොටසක් ලෙසයි මෙලෙස පොලී අනුපාත ඒකාකාරී ලෙස තබා ගෙන ඇත්තේ.

