අයිස්ලන්තයේ සිව්වන වරටත් ගිනි කන්දක් විදාරණය වෙයි

මාස තුනක් වැනි කෙටි කාලයක් තුල සිව්වන වතාවටත් අයිස්ලන්තයේ ගිනි කන්දක් විදාරණය වී තිබෙනවා.

අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය සඳහන් කරන්නේ මෙම පුපුරා යාමෙන් රේක්ජාන්ස් අර්ධද්වීපයේ ස්ටෝරා-ස්කොග්ෆෙල් සහ හගාෆෙල් කඳු අතර ආසන්න වශයෙන් කිලෝමීටර් 3ක් පමණ දිගැති විවරයක් නිර්මාණය වී ඇති බවයි.

මේ හේතුවෙන් දකුණු අයිස්ලන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට රජය කටයුතු කර තිබෙන අතර ප්‍රදේශයේ සිටින ජනතාව ද ආරක්ෂිතව ඉවත් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ගිනි කන්ද කඩිනමින් අක්‍රීය නොවුනහොත්, මුහුදු සීමාව දක්වාම ලාවා ගලායාමේ අවදානමක් ඇති බවයි කාලගුණ විද්‍යා කාර්යාලය අවධාරණය කරන්නේ.