සුනඛයන් සපා කෑම නිසා ඇති වූ අනතුරුදායක සිදු වීම් විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් සැර සුනඛයන් වර්ග 23ක් තහනම් කිරීමට ඉන්දීය මධ්‍යම රජය ප්‍රාන්තවලට නියෝග කර තිබෙනවා.
ඒ අනුව මෙම සුනඛයන් වර්ග ආනයනය කිරීම, සහ විකිණීම රටපුරා තහනම් කර තිබෙනවා.
එසේම දැනට මෙම වර්ගයේ සුනඛයන් ඇති කරන්නේ නම් එම සුනඛයන් වර්ග තවදුරටත් බෝවීම වැළැක් වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.
මෙලෙස තහනම් කරන ලද සුනඛ වර්ග වනුයේ
Pitbull Terrier, Tosa Inu, American Staffordshire Terrier, Fila Brasileiro, Dogo Argentino, American Bulldog, Boerboel Kangal, Central Asian Shepherd Dog, Caucasian Shepherd Dog, South Russian Shepherd Dog, Tornjak, Sarplaninac, Japanese Tosa and Akita, Mastiffs, Terriers, Rhodesian Ridgeback, Wolf Dogs, Canario, Akbash Dog, Moscow Guard Dog, Cane Corso and Bandog යන අයයි.

