ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාමට මුදල් දීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවාවන් තවත් මාස 06ක් පවත්වාගෙන යාමට මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරනවා.

එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ඩොලර් මිලියන 510 ක හිඟ ණය බර රජයට පවරා ගැනීමේ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ලංසු කැඳවීම දින 45කින් තවත් දීර්ඝ කළ බවයි.