2024 – 03 – 05

හිරු නැගීම – 06:20
හිරු මුදුන් වීම – 12:20
හිරු බැසීම – 18:21

අද අඟහරුවාදා දවසක්.. අදත් ඉතින් වෙනදා වගේම කට්ටිය එයාලගේ වැඩ රාජකාරි සඳහා පිටත් වෙනවා ඇති.

මේ දවස් වල ශ්‍රී ලංකාවේ වගේම ලොකු ගොඩක් රටවලට තියෙන්නේ අධික උණුසුම් සහ වියලි කාලගුණයක් නේ. ඒ නිසා ඔයාලත් දවස පුරාම හොඳට වතුර බොන්න අමතක කරන්න එපා. ජලය අපේ ශරීරය සිසිල් කරමින් අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය කරන්න උදව් වෙනවා.

මේ වගේ රස්නේ කාලෙක ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම හේතුවෙන් heat stroke තත්ත්ව සහ විජලන තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්.

අද දවස ගත්තොත් අද St. Piran’s Day එක. ශ්‍රී ලංකාව සහ අනෙකුත් ආසියාතික රටවල මේක සමරන්නේ නැති වුණාට එංගලන්තයේ ඉන්න කෝනිෂ් සම්භවයක් සහිත පුද්ගලයන්ගේ ප්‍රධාන උත්සවයක් මේක. ශාන්ත Piran කියන දේවගතිවරයා වෙනුවෙන් තමයි මේ උත්සවය තියෙන්නේ.

ඉතින් මේකෙදි ඒ ජනතාව කළු පසුබිමක සුදු ඉරි දෙකක් තියෙන Cornish කොඩිය පැළඳ ගන්නා මිනිසුන්, විශේෂ ආහාර පාන එහෙම අර ගෙන අද දවස සමරනවා. saffron cake කියන දේ අද දවස සඳහා එයාල වෙන් කර ගෙන තියෙන සුවිශේෂී ආහාරයක් වෙනවා.

St. Piran's Day (March 5th) | Days Of The Year

ඒ වගේම අද Unique Names Day එක. ඔයාලගේ යාලුවොත් ඇති ගොඩක් වෙනස් නම් තියෙන අය. සමහර විට ඔයාගේ නමත් අනෙක් අයගේ නමට වඩා ගොඩක් වෙනස් ඇති. ඉතින් එහෙනම් අද දවස තියෙන්නේ එහම් වෙනස් නම් තියෙන අය සමරන්න.

ඒ නිසා ඔයාගේ වෙනස් නම් තියෙන යාලුවට wish කරන්න අමතක කරන්න එපා. ඔන්න මතක් ඇතුව අද දවසේවත් එයාලගේ නම හරියට කියන්න.. හිකිස්…

අද තවත් රස දවසකුත් වෙනවා. ඒ අද National Cheese Doodle Day එකත් වෙන නිසා. පුම්බපු cheese වලින් හදපු මේවා ඉතින් රස කෑමක් තමයි.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.. වෙලාවක් තියෙනවා නම් ඔන්න ඔයාගේ ආදරේ කරන අය එක්ක එකතු වෙලා Cheese Doodle එකක් කන්නත් අමතක කරන්න එපා.

ජය වේවා! තෙරුවන් සරණයි!