සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදේ ඉවතට

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය හෙට(04) අළුයම 05.00ට ඉවත් කෙරෙයි.

එදිනම රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.