විනෝදාස්වාදය සඳහා ගංජා භාවිතා කිරීමට අවසර දෙමින් ජර්මානු පාර්ලිමේන්තුව විසින් නව නීතියක් අනුමත කර තිබෙනවා.
ඒ අනුව ජර්මනියේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට පොදු ස්ථානවලදී ග්‍රෑම් 25ක් දක්වා සහ නිවාසවල ග්‍රෑම් 50ක් දක්වා තබා ගැනීමට නිත්‍යානුකුලව අවසර හිමි වනු ලබනවා.
එසේම අප්‍රේල් 01 දා සිට පොදු ස්ථානවල ගංජා දුම් පානයද නිත්‍යානුකුලව බවයි සඳහන් වෙන්නේ.
කෙසේවෙතත් පාසල් අසල සහ ක්‍රීඩා පිටි වැනි සමහර ප්‍රදේශවල ගංජා දුම් පානය කිරීම තවදුරටත් නීති විරෝධී ලෙස දක්වා තිබෙනවා.
ඒ අනුව ජර්මානු පදිංචිකරුවන්ට පමණක් ලබා ගත හැකි සමාජ ශාලා හරහා මෙම ගංජා විකිණීම සිදු කරනු ලබන අතර අවශ්‍ය නම් ගංජා පැළ තුනක උපරිමයකට යටත්ව ජර්මානු වැසියන්ට සිය නිවසේදීම ගංජා වගා කළ හැකි වනවා.
ගංජා නීති විරෝධී ලෙස විකිණීම සහ අහිතකර ගංජා සංසරණය වීම වැලැක්වීම සඳහා මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි වල ආදායම් මාර්ග කපා හරිම සඳහා ජර්මානු පාර්ලිමේන්තුව විසින් මෙම පියවර ගෙන තිබෙනවා.
මේ අතර ජර්මනියේ විපක්ෂය සඳහන් කර සිටින්නේ එළඹෙන වසරේ තමන්ට ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වන්නේ නම් මෙම නිතිය බලරහිත කිරීමට පියවර ගන්නා බවයි.

