2024 – 02 – 24

හිරු නැගීම – 06:25
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:21

අද සෙනසුරාදා දවසක්. ඉතින් ඊයේ පෝය නිවාඩුව එහෙම ගත කරලා අද සමහර අය නම් වැඩට යන්න ලැස්ති වෙනවා ඇති. සමහර අය නම් තවම නිවාඩුව හොඳට විදිනවා ඇති.

ඊයේ අපි පැහැදිලි කළා නේ චන්ද්‍ර කලා ගැන. ඉතින් ඒ අනුව අද තමයි සොලොස්වක කියන්නේ. අද චන්ද්‍රයා එයාගේ උපරිම දීප්තියෙන් 100%ක් එළියෙන් ඉන්නේ. ඒ නිසා ඔන්න අද රෑට හඳ බලන්න අමතක කරන්න එපා.

අද හඳ පායන්නේ හවස 18:22 ට. ඔයාට උදේ 06:15 වෙනකම් අහසේ හඳ දකින්න පුළුවන් වෙනවා.

අද full moon දවසේ ඔයාට පුළුවන් ඔයාගේ ආදරේ කරන අය එක්ක හඳ එළියේ පොඩි walk එකක් යන්න, එකට ඉඳ ගෙන හඳ බලන්න වගේ ගොඩක් දේවල් කරන්න. මේ දවස් වල තියෙන රස්නෙත් එක්ක නම් රෑට එළියේ ටිකක් ඇවිදින්න යන එක හරිම සනීපයි.

ඒ වගේම ඔයාට පුළුවන් මේ full moon එකේ එලිය වැටෙන්න පිරිසිදු වතුර එකක් තියලා moon water එකක් හදා ගන්නත්. ඔයා ළඟ crystals වගේ තියෙනවා නම් හඳ එළියෙන් ඒවා charge කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා.

චීන අය එයාලගේ Lantern Festival එක සමරන්නේ අද වගේ දවසක. ඒ කියන්නේ අද තමයි එයාලගේ අලුත් අවුරුද්ද උදා වෙලා ගෙවෙන 15 වෙනි දවස. ඉතින් එයාල අතීතය අමතක කරමින් අලුත් අවුරුද්දට සැරසීම සංකේතවත් කර ගෙන තමයි මේ Lantern Festival එක සමරන්නේ. එයාල සාම්ප්‍රදායික විදිහට මේ festival එක හඳුන්වන්නේ Shangyuan Festival නමින්.

අද ඉතින් එයාල සාම්ප්‍රදායික විදිහට උත්සවාකාරයෙන් සමරනවා. ගිනිකෙළි දර්ශන, මකර නැටුම් වගේ දේවල් ගොඩක් මේ උත්සවය අලංකාර කරන්න එයාල යොදා ගන්නවා.

ඔයා සමහර විට අත්විඳලත් ඇති එහෙමත් නැත්නම් දැකලාත් ඇති කොච්චර ලස්සන ද කියලා මේ Lantern Festival. ගොඩක් කට්ටිය එක තැනකට ඒකරාශී වෙලා හරිම ලස්සනට මේ පහන් උඩ අරිනවා. හඳ එලිය එක්ක හරිම ලස්සන දර්ශනයක් එතන තියෙන්නේ.

ඒ වගේම අද World Bartender Day. ඉතින් ඔයා කියන කියන විදිහට රසට ඔයාගේ drink එක හදල දෙන එයාලටම වෙන් වුණු දවසක් තමයි අද.

ඉතින් එහෙනම් ඔයාලත් අද දවස ලස්සනට ගත කරන්න. පුන් සඳක් පායන්නේ මාසෙකට සැරයක් නිසා එදා දවස විශේෂ කර ගන්න අමතක කරන්න එපා.

තේරුවන් සරණයි!