ශාසනික සිදුවීම් රැසක් සිදු වුණු පොහොය දිනයක් වන නවම් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේගේ දෙඅගසව් වන සැරියුත් සහ මුගලන් මහා රහතන් වහන්සේලා සම්බුද්ධ ශාසනයේ එම තනතුරු ලැබුවේ අද වන් වූ නවම් පොහෝ දිනයක වනවා. සැරියුත් මහා රහතන් වහන්සේ ධර්ම සේනාධිපති වශයෙන් සහ මුගලන් මහා රහතන් වහන්සේ ධර්ම පුරෝහිත වශයෙන් මෙහි දී නම් කරනු ලැබුවා.
එසේම බුදුරජාණන් වහන්සේ විසින් ආයු සංස්කාරය අත් හරිනු ලැබුවේ ද නවම් පොහෝ දිනයක වනවා.
“ඕවාද ප්රාතිමෝක්ෂය” නමින් පටු ආකල්ප බැහැර කොට සමාධි ගත දිවි පෙවෙතකට සඟරුවන යොමු කරවීමේ දේශනාව බුදුරජානන් වහන්සේ විසින් වදාරන ලද්දේ ද අද වන් වූ පොහෝ දිනයක වනවා.
මේ අතර සැරියුත් මුගලන් මහා රහතන්වහන්සේලා දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම චාපාල චෛත්‍ය කරා වැඩම වීම ද මේ පොහෝ දිනයේ සිදු වූ සුවිශේෂී සිදුවීමක් වනවා.
බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් පෑමෙන් පසුව මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදු වී ඇත්තේ ද නවම් පොහෝ දිනයක වනවා.
මේ සා විශේෂ සිදුවීම් රැසක් සහිත නවම් පෝදා ලක්වාසී සහ ලෝකවාසී සියලු බෞද්ධයෝ ආගමික වතාවත්වල නියැලෙමින් දවස ගත කරනු ලබනවා.
තෙරුවන් සරණයි!

